Malwarebytes: අපේ Computer එකේ ජීවිතේ බේරපු "පරණ යකා" තාමත් වැඩද? (2026 Review)
අපි හැමෝටම ඒ කාලේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි "Virus". Pen drive එකක් ගැහුවත් බයයි, අලුත් Film එකක් Download කරන්න ගියත් බයයි. අන්න ඒ වගේ වෙලාවක අපේ පිහිටට ආපු වීරයෙක් තමයි Malwarebytes කියන්නේ. සමහරවිට ඔයාගේ දැනට තියෙන PC එකේ ජීවිතේ බේරල දුන්නෙත් මෙයා වෙන්න පුළුවන්. ඉතින් 2026 වෙද්දිත් මේ මනුස්සයා (Software එක) තාමත් ඒ වගේම වැඩද? අද අපි OneReddak එකෙන් කතා කරන්න යන්නේ මේ ගැන.
කවුද මේ Marcin Kleczynski? (The Big Boss)
මේක පටන් ගත්ත විදිය මාරම Fun. මේකේ Founder, ඒ කියන්නේ නිර්මාතෘ Marcin Kleczynski. මිනිහා පොඩි කාලේ ගේම් ගහන්න ගිහින් එයාගේ අම්මාගේ කොම්පියුටර් එකට වයිරස් එකක් දාගෙන. ඒ කාලේ තිබ්බ ලොකු ලොකු Antivirus වලටවත් ඒක අයින් කරන්න බැරි වෙලා. අන්තිමේදී මිනිහා තනියම Code කරලා ඒ වයිරස් එක අයින් කළා. අන්න එතනින් තමයි 2008 දී Malwarebytes සමාගම පටන් ගත්තේ. අද වෙද්දි මේක ලෝකේ තියෙන ලොකුම Cybersecurity Company එකක්.
Free ද? Premium ද? මොකක්ද වෙනස?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේකේ Free Version එකයි සල්ලි දීලා ගන්න (Premium) එකයි අතර වෙනස. සරලවම කිව්වොත්;
- Malwarebytes Free: මේක නිකන් "Manual Gear" වාහනයක් වගේ. ඔයාට හිතුන වෙලාවට විතරක් Scan කරන්න පුළුවන්. හැබැයි වයිරස් එකක් ආවට පස්සේ තමයි මේකෙන් වැඩක් ගන්න වෙන්නේ. මේක Second Opinion Scanner එකක් විදියට පාවිච්චි කරන්න මරු.
- Malwarebytes Premium: මේක "Auto Gear" වගේ. ඔයා මුකුත් කරන්න ඕනේ නෑ. Real-time Protection තියෙන නිසා වයිරස් එද්දිම අල්ලනවා. Ransomware, Phishing වගේ දේවල් වලිනුත් ආරක්ෂාව ලැබෙනවා.
2026 අලුත් Updates: AI සහ Scam Guard
දැන් කාලේ වයිරස් විතරක් නෙවෙයිනේ තියෙන්නේ. දැන් තියෙන්නේ "Scams". ඒ කියන්නේ ඔයාව රවට්ටලා සල්ලි කඩාගන්න වැඩ. අන්න ඒකට Malwarebytes ලා අලුතින් AI Scam Guard කියලා විශේෂාංගයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ ගැන Malwarebytes Blog එකේ විස්තර තියෙනවා. ඔයාට සැක හිතෙන SMS එකක් හරි Link එකක් හරි ආවොත්, ඒක මේකට Upload කරලා බලන්න පුළුවන් ඒක Scam එකක්ද කියලා.
Browser Guard: Free දෙන සුපිරි භාණ්ඩයක්
ඔයා Chrome හරි Edge හරි පාවිච්චි කරනවා නම්, අනිවාර්යයෙන්ම දාාගන්න ඕන Extension එකක් තමයි Malwarebytes Browser Guard කියන්නේ. මේකෙන් වෙබ් සයිට් වල තියෙන අනම් මනම් Ads Block කරනවා විතරක් නෙවෙයි, ඔයා වැරදිලා හරි නරක සයිට් එකකට ගියොත් "මචං එතනට යන්න එපා" කියලා Warning එකක් දෙනවා.
Ransomware: ඔබේ ෆයිල් බේරාගන්න
අද කාලේ භයානකම වයිරස් ජාතිය තමයි Ransomware කියන්නේ. මේවා ආවම අපේ ෆයිල් Lock කරලා සල්ලි ඉල්ලනවා. Malwarebytes Premium එකේ මේකට විශේෂ ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම AV-Test වගේ ස්වාධීන ආයතන වලින් කරපු පරීක්ෂණ වලදීත් මෙයාලා හොඳ ලකුණු අරන් තියෙනවා.
VPN එකකුත් තියෙනවා?
ඔව්, දැන් Malwarebytes ලගේ "Privacy VPN" කියලත් එකක් තියෙනවා. හැබැයි මේක ගන්න නම් වෙනම ගානක් ගෙවන්න ඕනේ (හෝ Plus Package එක ගන්න ඕනේ). VPN ගැන වැඩි විස්තර නොදන්න අයට මෙතනින් කියවන්න පුළුවන්. Public Wi-Fi පාවිච්චි කරන අයට මේක ගොඩක් වැදගත්.
Android සහ iPhone වලට?
මේක PC වලට විතරක් නෙවෙයි, දැන් Phone වලටත් තියෙනවා. ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙලා නම්, නැත්නම් අමුතු Ads යනවා නම් Google Play Store එකෙන් හරි App Store එකෙන් හරි මේක දාගෙන Scan පාරක් දාන්න. Phone එක සුද්ද කරන්න මේක මරු.
OneReddak තීන්දුව
ඇත්තම කිව්වොත්, අද කාලේ Windows 10/11 වල එන Windows Defender එක ගොඩක් හොඳයි. ඒ නිසා සාමාන්‍ය පාවිච්චියට Antivirus එකක් සල්ලි දීලා ගන්නම ඕනේ නෑ. හැබැයි, Malwarebytes Free Version එක අනිවාර්යයෙන්ම PC එකේ තියාගන්න. මාසෙකට සැරයක් වගේ Scan පාරක් දාන්න. ඒක හරියට දත් මදිනවා වගේ වැඩක්. කම්මැලි නම් සහ අමතර ආරක්ෂාවක් ඕනේ නම් විතරක් Premium එකට යන්න.
මේ වගේ Tech News දිගටම දැනගන්න OneReddak එකත් එක්කම සෙට් වෙලා ඉන්න!
