Yahoo වලට ඇත්තටම මොකද වුණේ? $125 Billion ඉදන් බිංදුවට වැටුන හැටි මෙන්න!
මචං, 90 දශකයේ අගභාගයේ ඉපදුන හෝ ඒ කාලේ ඉන්ටර්නෙට් ගිය පොරක් නම් උඹට Yahoo! කියන නම අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ. ඒ කාලේ Google තිබ්බේ නෑ, Facebook තිබ්බේ නෑ. ඉන්ටර්නෙට් කියන්නෙම Yahoo! තමයි. අපේ මුල්ම email එක හැදුවේ Yahoo එකෙන් නේද? හැබැයි අද වෙද්දි Yahoo එකට මොකද වුණේ? ලෝකයේ වටිනාම සමාගමක් වෙලා තිබ්බ Yahoo අද තියෙන තැන දැක්කම ඇත්තටම දුක හිතෙනවා.
මේක නිකන්ම කතාවක් නෙමෙයි, වැරදි තීරණ නිසා අධිරාජ්‍යයක් බිමට සමතලා වුන හැටි කියන "පාඩමක්". $125 Billion වටිනාකමක් තිබ්බ කම්පැනියක් කුණු කොල්ලෙට විකිණිලා ගිය හැටි අහගන්න ලෑස්ති වෙන්න.
Jerry සහ David ගේ "Pattama" අදහස
මේ වැඩේ පටන් ගන්නේ 1994 දී ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (Stanford University) ඉගෙන ගත්ත ජෙරී යැං (Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo) කියන කොල්ලෝ දෙන්නා. මුලින්ම මුන් මේකට දාපු නම තමයි "Jerry and David's Guide to the World Wide Web". නිකන් නිකාය පුස්තකාලයක් වගේ නමක්නේ? පස්සේ තමයි මේක YAHOO! (Yet Another Hierarchically Organized Oracle) කියලා වෙනස් කරේ.
වැඩේ නැගලා ගියා. 2000 වසර වෙද්දි මුළු ලෝකෙම ඉන්ටර්නෙට් එන හැමෝම එන්නේ Yahoo හරහා. ඒ කාලේ මේ සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 125ක්! හිතාගන්න පුලුවන්ද? හැබැයි ප්‍රශ්නේ වුණේ Yahoo ලා තමන් කවුද කියලා හරියට තේරුම් නොගත්ත එක. උන් හිතාගෙන හිටියේ උන් "Media Company" එකක් කියලා. හැබැයි ලෝකේ ඉල්ලුවේ "Tech Company" එකක්.
Google සහ Facebook අතහැරපු "මෝඩම" තීරණ
මෙන්න මෙතන තමයි කතාවේ දුකම සීන් එක තියෙන්නේ. Yahoo ලොක්කන්ට අනාගතය පෙනුනේ නෑ මචං.
- Google අතහැරීම: 1998 දී Google හදපු Larry Page සහ Sergey Brin එයාලගේ අලුත් සොයාගැනීම Yahoo එකට විකුණන්න ආවා. ගාණ කීයද දන්නවද? ඩොලර් මිලියන 1 යි! (රුපියල් කෝටි 30ක් වගේ). Yahoo ලොක්කෝ කිව්වා "අපෝ ඕක වැඩක් නෑ, අපේ සයිට් එකේ මිනිස්සු වැඩි වෙලා රඳවාගන්නයි අපිට ඕනේ, ඉක්මනට සර්ච් කරලා එළියට යවන්න නෙමෙයි" කියලා. අන්තිමට ඒ Google එකම අද ලෝකේ අල්ලගෙන ඉන්නවා.
- Facebook ඩීල් එක අල කිරීම: 2006 දී Yahoo හදනවා Facebook එක ගන්න ඩොලර් බිලියන 1 කට. Mark Zuckerberg පොඩ්ඩක් අදිමදි කරන වෙලාවේ, Yahoo එකේ කොටස් වෙළඳපොල අගය පොඩ්ඩක් බැස්සා කියලා Yahoo ලොක්කෝ ඔෆර් එක ඩොලර් මිලියන 850 කට අඩු කරා. මේකට මාක්ට මල පැන්නා. මිනිහා ඩීල් එක කැන්සල් කරා. අද Facebook (Meta) එකේ වටිනාකම කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
Microsoft එපා කියා Verizon ට කුණු කොල්ලෙට විකිණීම
වැරදි තීරණ එතනින් ඉවර වුණේ නෑ. Yahoo ටික ටික වැටෙද්දි, 2008 දී Microsoft සමාගම එනවා Yahoo එක ගන්න ඩොලර් බිලියන 44.6 ක දැවැන්ත ඔෆර් එකක් අරගෙන. Steve Ballmer (Microsoft CEO) මේක ගන්න පුදුම ගේමක් දුන්නා. ඒත් Yahoo ලොක්කෝ කිව්වේ "අපි ඊට වඩා වටිනවා" කියලා ඒකත් ප්‍රතික්ෂේප කරා.
ඊට පස්සේ මොකද වුණේ? දිගටම පාඩු ලැබුවා. Flickr වගේ හොඳ ප්ලැට්ෆෝම් ගත්තත් ඒවා හරියට මැනේජ් කරගන්න බැරි වුණා. Tumblr ගත්තා, ඒකත් ෆේල් වුණා. අන්තිමට 2017 දී Verizon සමාගමට Yahoo විකුණන්න සිද්ධ වුණේ ඩොලර් බිලියන 4.48 කට විතරයි. බිලියන 44 ට එපා කියපු උන් බිලියන 4 ට විකිණුනා කියන්නේ මාරම ට්‍රැජඩි එකක් බං.
අන්තිමට මොකද වුණේ?
Verizon එකටත් Yahoo එක ගොඩගන්න බැරි වුණා. ඒ නිසා 2021 දී එයාලා Yahoo සහ AOL කියන දෙකම Apollo Global Management කියන සමාගමට වික්කා ඩොලර් බිලියන 5කට. Verizon ලා පොඩි 10% ක කොටසක් විතරක් තියාගත්තා.
අදටත් ගොඩක් අය Yahoo Mail පාවිච්චි කරනවා, Yahoo Finance බලනවා. ඒ වගේම එයාලා TechCrunch වගේ ටෙක් සයිට්ස් පවා රන් කරනවා. හැබැයි එදා තිබ්බ ඒ "ගැම්ම" ආයේ කවදාවත් එන්නේ නෑ.
පාඩම: තමන් ඉන්න තැන ගැන ඕනවට වඩා උදම් වෙන්න හොඳ නෑ. Google, Facebook වගේ අලුත් පොඩි උන් එද්දි උන්ව පාගලා දාන්න හිතන්නේ නැතුව, අනාගතය දැක්කා නම් අද ඉන්ටර්නෙට් එකේ රජා වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, Yahoo ම තමයි!
මේ වගේ තවත් පට්ට Tech Stories දැනගන්න OneReddak එකත් එක්කම සෙට් වෙලා ඉන්න!
