Dialog සහ Starlink එකතු වෙලා ලංකාවටම Internet දෙන Scene එකක්! 🛰️🔥 | Dialog & Starlink Partnership

Dialog partners with Starlink Sri Lanka official announcementTech lovers, මේක නම් සිරාවටම ලොකු ආරංචියක්! අපේ රටේ connectivity scene එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න යන්නේ. Dialog Axiata ලා officially announce කරලා තියෙනවා එයාලා Elon Musk ගේ Starlink එක්ක partnership එකක් ගැහුවා කියලා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? Sri Lanka වල remote areas වලටත් high-speed satellite internet අරගෙන යන එක තමයි plan එක.

මොකක්ද මේ Deal එක?

සරලවම කිව්වොත්, Dialog ලා තමයි දැන් Sri Lanka වල Starlink වල Authorized Reseller. මේක මූලිකවම target කරන්නේ Enterprise customers ලව. ඒ කියන්නේ business කරන අයට, ලොකු institutions වලට මේ service එක ගන්න පුළුවන්.

අපේ රටේ සමහර පැති තියෙනවනේ Fiber එලන්න අමාරු, Towers ගහන්න අමාරු තැන්. අන්න ඒ වගේ තැන්වලට මේ Satellite Internet එක මාරම වටිනවා. Dialog ලා කියන විදියට මේකෙන් "Ubiquitous Enterprise Connectivity" එකක් දෙනවා.

"මේ partnership එක නිසා අපිට පුළුවන් වෙනවා Fiber හෝ Towers නැති දුෂ්කරම පලාත්වලටත් World-class Internet අරන් යන්න." - Dialog Axiata.

Specs සහ Benefits කොහොමද?

Starlink ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Low Earth Orbit (LEO) satellites පාවිච්චි කරන නිසා සාමාන්‍ය satellite internet වලට වඩා මේක මාරම fast. Dialog ලා confirm කරන විදියට මේ service එකෙන් ලැබෙන දේවල් මෙන්න:

  • High Speed: 100 Mbps සිට 200 Mbps දක්වා speed එකක්.
  • Low Latency: 20ms - 40ms අතර latency එකක් (Online meetings, cloud apps වලට සුපිරි).
  • Reliability: හදිස්සියේ main line එක කැඩුනොත් Backup එකක් විදියට පාවිච්චි කරන්න (Business Continuity) කියාපු භාණ්ඩේ.
  • Full Support: Installation, maintenance සහ service ඔක්කොම Dialog එකෙන් බලාගන්නවා.

මේක කාටද?

දැනට මේක promote වෙන්නේ Business solutions යටතේ. ඔයාගේ company එක ටිකක් දුෂ්කර පළාතක තියෙනවා නම්, නැත්නම් නිතරම connection drop වෙනවා නම් මේක තමයි හොඳම විසඳුම. Dialog එකේ Corporate solutions channels හරහා enterprise customers ලට මේක order කරන්න පුළුවන්.

Next Step එක මොකක්ද?

දැනට enterprise ලට විතරක් දුන්නට, ඉස්සරහට මේක සාමාන්‍ය අපිටත් (Consumers) ගන්න පුළුවන් වෙයිද කියලා බලන් ඉන්න වෙනවා. කොහොම වුනත් Dialog ලා මේ ගත්ත step එක නම් අගය කරන්නම ඕන.

වැඩි විස්තර දැනගන්න ඕන නම් Android Wedakarayo එකේ full article එක බලන්න පුළුවන්.


ඔයාලට මොකද හිතෙන්නේ? Enterprise ලට විතරක් දීපු එක ගැන දුකද? නැත්නම් මේක හොඳ ආරම්භයක්ද? පහලින් Comment එකක් දාගෙන යමු! 👇

..

Post a Comment (0)
Previous Post Next Post