ඕනෙ සුද්දෙක් සිංහලෙන් කතා කරවන අලුත් විප්ලවය | Google Live AI Translation Sinhala

Google ලා ගේ අලුත්ම පිස්සුව! Headphone එකෙන් සුද්දෙක් කතා කරනකොට කෙලින්ම සිංහලෙන් අහන්න පුළුවන්!



අඩෝ, අද ගෙනාවේ නම් පට්ටම news එකක්! අපි හැමෝම දන්නවනේ Google Translate ගැන. ඒකේ අපි මෙච්චර කල් type කර කර, copy-paste කර කර දඟලපු කාලේ ඉවරයි වගේ. Google ලා මේ පාර Gemini AI එකත් එක්ක එකතු වෙලා පිස්සු හැදෙන වැඩක් කරලා තියෙනවා.

දැන් ඔයාගේ phone එකට headphone එකක් ගහගෙන ඉන්නකොට, ඉස්සරහා ඉන්න කෙනා වෙන භාෂාවකින් (English, Tamil, Spanish වගේ) කතා කරනවා නම්, ඒ වෙලාවෙම ඒක Sinhala Language එකට හරවලා ඔයාගේ කනටම ඇහෙන්න සලස්වන feature එකක් Google ලා එළියට දාලා!


මොකක්ද මේ Live AI Translation සීන් එක? 🤔

සරලවම කිව්වොත් මේක "Live Translate" එකක්. මේක වැඩ කරන්නේ Google Translate App එක හරහා. මේකේ තියෙන විශේෂත්වය තමයි, මේක නිකන්ම වචන ටික පරිවර්තනය කරනවා විතරක් නෙවෙයි, අර කතා කරන මනුස්සයාගේ කටහඬේ තියෙන හැඟීම් (Tone), රිද්මය (Cadence) පවා අල්ලගෙන තමයි පරිවර්තනය කරන්නේ. ඒ කියන්නේ යකා නිකන් රොබෝ කෙනෙක් වගේ නෙවෙයි, නියම ස්වභාවික විදියටම අපිට ඒක අහන්න පුළුවන්.

මේ අලුත් update එකට Sinhala ඇතුළු භාෂා 70කට වැඩි ප්‍රමාණයක් support කරනවා කියලා තමයි ආරංචිය!


මේකේ තියෙන වාසි මොනවද? 🔥

  • ඕනෑම Headphone එකක්: ඉස්සර වගේ Pixel Buds ම ඕන නෑ. ඔයා ගාව තියෙන ඕනෑම Bluetooth හෝ Wired headphone එකක් එක්ක මේක වැඩ.
  • Real-time Translation: සුද්දෙක් එක්ක කතා කර කර ඉන්නකොට type කර කර ඉන්න ඕන නෑ. එයා කියන දේ එවලේම සිංහලෙන් ඇහෙනවා.
  • Gemini AI Power: මේකේ පිටිපස්සේ ඉන්නේ Google ලගේ අලුත්ම මොළකාරයා, Gemini AI එක. ඒ නිසා පරිවර්තනය ගොඩක් දුරට නිවැරදියි සහ ස්වභාවිකයි.


කොහොමද මේක ගන්නේ? 📲

දැනට මේක Beta Feature එකක් විදියට තමයි එළියට දාලා තියෙන්නේ. ඇමරිකාව, ඉන්දියාව සහ මෙක්සිකෝව වගේ රටවල Android Users ලට මේක දැන් ලැබීගෙන යනවා. හැබැයි "Sinhala" භාෂාව ලිස්ට් එකේ තියෙනවා කියන්නේ, ළඟදීම අපිටත් මේ වාසනාව පෑදෙනවා ෂුවර්.

දැන්ම ඔයාගේ Google Translate App එක update කරලා තියාගන්න. Update එක ආපු ගමන් "Live Translate" mode එක දාගෙන, ලෝකේ වටේ ඉන්න ඕන එකෙක් එක්ක බය නැතුව සිංහලෙන් ගේම ගහන්න පුළුවන්!


OneReddak තීන්දුව: ඉස්සර ඉංග්‍රීසි බැරි වුනාම අපිව කොන් වුනාට, දැන් තාක්ෂණය නිසා භාෂාව බාධාවක් කරගන්න ඕන නෑ මචං. Google ලට මේ පාර නම් හිත පිරෙන්නම ස්තූතියි කියන්න ඕන! ❤️

..

Post a Comment (0)
Previous Post Next Post