Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? සම්පූර්ණ විස්තරය සිංහලෙන් | How to be a Hacker kenek wenne kohomada

අඩේ! උඹලත් Hacker කෙනෙක් වෙන්නද හදන්නේ? මෙන්න නියම පාර!



මචං, උඹත් අර හොලිවුඩ් ෆිල්ම් වල වගේ කලු Hoodie එකක් දාගෙන, ලයිට් නිවාගෙන, තත්පර දෙකෙන් FBI එක හැක් කරන හීන දකින එකෙක්ද? සිරාවටම කියන්නම්, ඒක එහෙම වෙන්නේ නැහැ බොක්ක. හැබැයි Hacker කෙනෙක් වෙන්නේ කොහොමද කියලා හරි විදිහට ඉගෙන ගත්තොත්, උඹට ලෝකෙම පිළිගන්න සුපිරි වැඩ්ඩෙක් වෙන්න පුළුවන්.

අද මම කියලා දෙන්නේ OneReddak අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට, අර සල්ලි වලට එක එකාගෙ FB Password හොයලා දෙන හිඟන වැඩ නෙවෙයි, සිරාවටම IT ක්ෂේත්‍රයේ ඉහළටම යන්න පුළුවන් Ethical Hacking ගැන.


Hacking කියන්නේ ඇත්තටම හොරකමක්ද?

පිස්සුද බං! හැකින් වලත් වර්ග තියෙනවා. ලෝකෙට විනාශයක් කරන එවුන්ට කියන්නේ Black Hat Hackers කියලා. හැබැයි අපි ඉගෙන ගන්න ඕනේ White Hat Hacking. ඒ කියන්නේ සිස්ටම් එකක තියෙන දුර්වලතා හොයලා දීලා, ඒක ආරක්ෂා කරන එක. මේකට දැන් ලෝකේ පුරාම පට්ට ඉල්ලුමක් තියෙන්නේ.


Hacker කෙනෙක් වෙන්න ඕන කරන මූලික සුදුසුකම්

නිකන්ම Tools ටිකක් දාගෙන බටන් එකක් එබුවට වැඩක් නැහැ. උඹට මුලින්ම පට්ට දැනුමක් තියෙන්න ඕනේ මේ දේවල් ගැන:

  • Operating Systems: උඹ Windows වලට වඩා Linux ගැන දැනගන්නම ඕනේ. විශේෂයෙන්ම Kali Linux වගේ OS එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
  • Networking: IP Address, Ports, Protocols සහ CCNA මට්ටමේ Networking දැනුමක් තියෙන්න ඕනේ.
  • Programming: කොඩින් බැරුව හැකර් කෙනෙක් වෙන්න බැහැ මචං. අඩුම ගානේ Python හෝ JavaScript වත් ටිකක් ඉගෙන ගනින්.

කෝහෙන්ද මේවා ඉගෙන ගන්නේ?

දැන් කාලේ හැමදේම අතේ දුරින් තියෙන්නේ. උඹට සල්ලි වියදම් කරලා ලොකු කෝස් කරන්න කලින් YouTube එකේ තියෙන Tutorials බලලා පටන් ගන්න පුළුවන්. ඒ වගේම Hacker කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න පුළුවන් සුපිරි සයිට් ටිකක් මම පහළින් දාන්නම්.

මුලින්ම TryHackMe එකට සෙට් වෙන්න. ඒකේ සෙල්ලම් කරනවා වගේ පියවරෙන් පියවර හැමදේම කියලා දෙනවා. ඊට පස්සේ ටිකක් වැඩ්ඩෙක් වුණාම Hack The Box පැත්තේ ගිහින් උඹේ දස්කම් පෙන්නන්න පුළුවන්.


Professional වැඩ්ඩෙක් වෙන්න නම් Certifications ඕනෙද?

ඔව්, ලොකු කොම්පැණියක ජොබ් එකක් කරනවා නම් උඹට පිළිගැනීමක් තියෙන්න ඕනේ. ලෝකේ වැඩියෙන්ම පිළිගන්න Certified Ethical Hacker (CEH) විභාගය ගැන ටිකක් හොයලා බලන්න. ඒක ටිකක් අමාරු වුණාට ඒකෙන් ලැබෙන වටිනාකම පට්ට.

හැබැයි මතක තියාගනින්, හැකින් කියන්නේ පට්ට බලයක්. ඒ බලය අනිසි විදිහට පාවිච්චි කරලා අනුන්ගේ දේවල් හොරකම් කරන්න ගියොත් උඹට වෙන්නේ Cyber Crime යටතේ හිරේ ලගින්නයි. ඒ නිසා හැමතිස්සෙම Ethical විදිහට ඉගෙන ගනින්. ගිහින් එන්නම්, ජය වේවා!

..

Post a Comment (0)
Previous Post Next Post