Internsලට පිස්සු හැදෙන Google ලගේ අලුත්ම AI Tool එක! 🤯🔥
මේ දවස්වල Software Engineering field එකට අඩිය තියන පොඩි කොල්ලෝ කෙල්ලෝ (Interns) විතරක් නෙවෙයි, Senior Developers ලා පවා code bases එක්ක ඔලුව ගහගන්න වෙලාවල් අනන්තයි. අලුත් Project එකකට join වුනාම ඒකේ Repo එක තේරුම් ගන්න යන කට්ට ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. KT sessions, Documentation කියවන්න ගියාම එපා වෙනවා.
අන්න ඒ ප්‍රශ්නෙට Google ලා පට්ටම Solution එකක් ගෙනල්ලා තියෙනවා. නම තමයි Google Code Wiki. මේක ඇත්තටම Google Developers Blog එක හරහා එළියට දාපු අලුත්ම AI powered tool එකක්. කෙටියෙන්ම කිව්වොත්, මේකෙන් කරන්නේ අපි දෙන GitHub Repo එකක් අරගෙන, ඒකේ සම්පූර්ණ Documentation එක Automatically generate කරන එක.
Documentation ලියන කාලේ ඉවරද? 🤔
මේ Tool එකේ තියෙන ලොකුම වාසිය තමයි, අපිට manual documentation ලිය ලිය කාලේ කන්න ඕනේ නැති එක. ඔයාට කරන්න තියෙන්නේ අදාල GitHub Repository එකේ URL එක දෙන එක විතරයි. ඊට පස්සේ Google Gemini AI එක පාවිච්චි කරලා මේ දේවල් ටික nikanma generate වෙනවා:
- Architecture Overview: Project එකේ structure එක කොහොමද කියල.
- API References: Endpoints සහ data flow එක.
- Project Flow: Code එක run වෙද්දී මොකද වෙන්නේ කියලා.
Diagrams අඳින්න ඕනෙත් නෑ! 🎨
අපි සාමාන්‍යයෙන් Project එකක් පටන් ගද්දි Architecture Diagrams, Sequence Diagrams අඳින්න Mermaid.js හරි වෙන tools හරි පාවිච්චි කරනවානේ. හැබැයි මේ Code Wiki එකෙන් ඒවා ඔක්කොම Auto අඳිනවා. මේක Intern කෙනෙක්ට Project එකේ ලොකු picture එක (Big Picture) ඉක්මනටම ඔලුවට දාගන්න මාරම විදියට උදව් වෙනවා.
Documentation එක පරණ වෙන්නේ නෑ (Auto-Update) 🔄
අපේ තියෙන ලොකුම අවුලක් තමයි Code එක update වුනාට Documentation එක update වෙන්නේ නැති එක. "Outdated Docs" කියන්නේ Developers ලට තියෙන ලොකුම හිසරදයක්. හැබැයි මේ Tool එකෙන්, ඔයා Repo එකට PR (Pull Request) එකක් merge කරන හැම පාරම, Documentation එකත් ඉබේම update වෙනවා. ඒ කියන්නේ Code එකයි Docs එකයි හැමවෙලේම sync වෙලා තියෙන්නේ. මේ feature එක නිසා Stack Overflow එකේ ප්‍රශ්න අහ අහ ඉන්න ඕනේ නෑ, කෙලින්ම updated docs බලන්න පුළුවන්.
Repo එකත් එක්ක Chat කරමු 💬
මේක තමයි මම දැක්ක ගැම්මම feature එක. ඔයාට Codebase එකේ යම් කිසි function එකක් තේරෙන්නේ නැත්තම්, නිකන් Chat එකක් දාලා අහන්න පුළුවන් "Explain this logic" කියලා. එතකොට Google Gemini මොඩල් එක පාවිච්චි කරලා, හරියටම ඒ repository එකේ context එක අරගෙන explain කරනවා. මේක ChatGPT හරි Claude හරි පාවිච්චි කරනවා වගේමයි, හැබැයි මේක ඔයාගේ code එක ගැන 100% දන්නවා.
Limitations මොනවද? 🚫
දැනට තියෙන පොඩි අවුලක් තමයි මේක වැඩ කරන්නේ Public Repositories වලට විතරයි. Private ඒවා තාම support කරන්නේ නෑ. හැබැයි Google ලා කියන විදියට ළඟදීම Private Repos වලටත් මේ feature එක දෙනවා (Coming Soon). ඒ වගේම මේක පාවිච්චි කරන්න ඔයාට Google Cloud account එකක් හෝ Google ID එකක් තියෙන්න ඕනේ.
ඉතින් යාලුවනේ, මේ වගේ tools එනකොට අපි බය වෙන්න ඕනේ නෑ AI එකෙන් අපේ jobs නැති වෙයි කියලා. අපි කරන්න ඕනේ මේ tools පාවිච්චි කරලා අපේ වැඩ ලේසි කරගන්න එක. විශේෂයෙන් VS Code එකේ දවස ගෙවන ඔයාලට මේක ලොකු උදව්වක් වෙයි.
ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? Interns ලට මේකෙන් පණ බේරගන්න පුළුවන් වෙයිද? පහලින් comment එකක් දාගෙන යන්න! 👇
තව Tech updates දැනගන්න OneReddak පිටුවට set වෙලා ඉන්න.
