Gemini Guided Learning: ඉගෙන ගන්න හොඳම විදිය මෙන්න! | Gemini Guided Learning Sinhala

Gemini වල අලුත්ම "Guided Learning" එක නම් පිස්සුවක්! 🤯 නිකන් Chat කරනවා වගේ නෙවෙයි!

අඩෝ බොක්කලා! කොහොමද කට්ටියට? 👊 අද මම අරගෙන ආවේ ඔයාලගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් පට්ට AI update එකක් ගැන නිවුස් එකක්. දැන් ඉතින් බල්ලට ගියත් හැමෝම පාවිච්චි කරන්නේ AI නේ. හැබැයි ගොඩක් අය කරන්නේ නිකන් Chat කරන එක විතරයි. 🙄

ඔන්න Google Gemini ලා මේකට මාර විසඳුමක් ගෙනල්ලා. මේකේ නම තමයි "Guided Learning". මේක නිකන්ම "ප්‍රශ්නයක් ඇහුවා - උත්තරයක් ලැබුණා" වගේ සීන් එකක් නෙවෙයි. මේක හරියටම කිව්වොත්, ඔයාගේ පස්සෙන් පන්න පන්න උගන්වන Personal Tutor කෙනෙක් ගෙදරට ගෙනාවා වගේ වැඩක්! 🎓🔥


🤔 මොකක්ද මේ Guided Learning කියන්නේ?

සාමාන්‍යයෙන් අපි AI එකකින් මොකක් හරි ඉගෙන ගන්න ගියාම වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්නේ:

  • Normal Chat: අපි අහනවා "මට Python ඉගෙන ගන්න ඕනේ" කියලා. එතකොට Gemini ලොකු Article එකක් හරි, Code කෑල්ලක් හරි අපිට දෙනවා. අපි ඒක කියවනවා, "ආ.. එල" කියලා හිතනවා, හැබැයි ටික වෙලාවකින් ඒක අමතක වෙනවා. (Passive Learning කියන්නේ ඕකට තමයි).

හැබැයි මේ අලුත්ම ෆීචර් එකෙන් වෙන්නේ මේකයි:

  • Guided Learning: ඔයා "මට Python ඉගෙන ගන්න ඕනේ" කිව්වම Gemini කෙලින්ම ඔයාගේ දැනුම මට්ටම බලලා, Step-by-Step පාරක් හදනවා. එකපාරටම ඔක්කොම වමාරන්නේ නැහැ. 🛑

මේ ගැන Google ලාගේ නිල බ්ලොග් එකේ තියෙන විදියට, මේක හදලා තියෙන්නේ Active Learning කියන concept එකට අනුව. ඒ කියන්නේ ඔයා නිකන් බලන් ඉන්න එක නෙවෙයි, ඔයා වැඩේට involve වෙනවා. 💪


🔥 මේකේ තියෙන සුපිරි Features ටික මෙන්න

මේක සාමාන්‍ය Chatbot එකකට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නේ ඇයි කියලා බලමු.

1. Interactive Questions (ප්‍රශ්න අහනවා යකෝ! 😲)

පාඩමක් කියලා දීලා නිකන් ඉන්නේ නෑ. Gemini ඔයාගෙන් ප්‍රශ්න අහනවා. "දැන් මම කියපු දේ තේරුනාද? එහෙනම් මේකට උත්තරේ කියන්න බලන්න" කියලා. ඔයා හරි උත්තරේ දුන්නම තමයි ඊළඟ කොටසට යන්නේ. හරියට Khan Academy එකේ Khanmigo වගේ, හැබැයි ඊට වඩා ලේසියි.

2. Active Learning (වැරදුනොත් කියලා දෙනවා)

ඔයාට වැරදුන තැන් AI එක අල්ලගන්නවා. "ආ.. මල්ලි/නංගි, ඔයාට මේ concept එක පොඩ්ඩක් පැටලෙනවා නේද? අපි ආයෙත් ඒක වෙන විදිහකට බලමු" කියලා ඔයාටම ගැලපෙන විදිහට, උදාහරණ දීලා ආයේ උගන්වනවා. මේක මාර වටිනවා අලුත් Skills ඉගෙන ගන්න අයට.

3. No Spoilers (උත්තරේ නෙවෙයි, ක්‍රමය දෙනවා)

මේක තමයි පට්ටම සීන් එක. ඔයා ගානක් හදාගන්න බැරුව ඉන්නකොට, මේකෙන් කෙලින්ම උත්තරේ දෙන්නේ නෑ. 🚫 ඒ වෙනුවට ඔයාට උත්තරේට යන්න පොඩි පොඩි Hints දෙනවා. ඒ කියන්නේ ඔයාගේ මොළේ කම්මැලි වෙන්න දෙන්නේ නෑ.

සරලවම කිව්වොත්:

සාමාන්‍ය Chat එකෙන් කරන්නේ ඔයාට "මාළුවෙක් දෙන" එක. 🐟
Guided Learning එකෙන් කරන්නේ ඔයාට "මාළු බාන්න උගන්වන" එක. 🎣

 

🎓 කාටද මේක වැඩියෙන්ම වැදගත් වෙන්නේ?

විශේෂයෙන්ම University යන නංගිලා මල්ලිලාටයි, අලුත් Skill එකක් (Coding, Design, Language) ඉක්මනට අල්ලගන්න හදන Professional අයටයි මේක මාරම වටිනවා. මොකද මේකෙන් ඉගෙන ගන්න දේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. විද්‍යාත්මකව බැලුවොත් Active Learning කියන්නේ ඉගෙන ගන්න හොඳම ක්‍රමයනේ.

අපේ පරණ Article එකක අපි කතා කරා Gemini හරියටම පාවිච්චි කරන හැටි ගැන. ඒකත් පොඩ්ඩක් කියවලා බලන්න.


🚀 කොහොමද මේක පාවිච්චි කරන්නේ?

  1. Gemini ඇප් එකට යන්න.
  2. Settings වල හරි Prompt එකේ හරි "Guided Learning Mode" එක ගැන mention කරන්න. නැත්නම් කෙලින්ම "Act as my learning coach to teach me [Subject]" කියලා ගහන්න.
  3. බලන් ඉන්න මැජික් එක! ✨

තව දුරටත් කියවනවා නම්, මේ ගැන Coursera එකෙත් හොඳ විස්තර තියෙනවා Active Learning කොහොමද ඔයාගේ career එකට උදව් වෙන්නේ කියලා.


ඔයාලා මුලින්ම මේකෙන් ඉගෙන ගන්න කැමති Subject/Skill එක මොකක්ද? පල්ලෙහින් Comment එකක් දාගෙන යමු! 👇 මේ වගේ AI Tricks දිගටම දැනගන්න OneReddak එක්ක සෙට් වෙලා ඉන්න! 😉

..

Post a Comment (0)
Previous Post Next Post