BYD Blade සිට Solid-State දක්වා: වාහන සහ ෆෝන් බැටරි ලෝකය වෙනස් කරන අලුත්ම තාක්ෂණය

පෙට්‍රල් ගහන්න යන වෙලාවවත් යන්නෙ නෑ! වාහන චාජ් කරන ලෝකයම වෙනස් කරන අලුත්ම බැටරි තාක්ෂණය මෙන්න


අද අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකේ ඉඳන් පාරේ දුවන Tesla කාර් එක දක්වාම හැමදේම දුවන්නේ බැටරි බලෙන් කියලා අපි කවුරුත් දන්නවනේ. ඒත් මචං, කවදාවත් හිතිලා නැද්ද මෙච්චර ටෙක් එක දියුණු වෙලත් ඇයි තාම ෆෝන් එකේ බැටරිය දවසක්වත් තියාගන්න අමාරු කියලා? 80 ගණන්වල ආපු ගඩොල් ෆෝන් වල ඉඳන් අද වෙනකම් ලොකු ගමනක් ආවා තමයි. ඒත් තාම අපි හිරවෙලා ඉන්නේ 1990 ගණන්වල Sony සමාගම ලෝකෙට දීපු Lithium-ion (Li-ion) තාක්ෂණය එක්ක.

හැබැයි දැන් කතාව වෙනස්. අපි ඉන්නේ "ලිතියම් යුගයේ" අන්තිම හරියේ වෙන්න පුළුවන්. මොකද ලෝකේ ලොකුම සමාගම් දැන් බැටරි හදන්නේ විනාඩි ගාණකින් චාජ් වෙන්න සහ ගිනි නොගෙන ආරක්ෂිතව තියාගන්නයි. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඔයාලා කමෙන්ට්ස් වලත් අහපු, අනාගතය වෙනස් කරන BYD Blade Battery සහ GAC Solid-State වගේ සුපිරි තාක්ෂණයන් ගැන.


ලිතියම් බැටරි වල අවුල සහ Solid-State විසඳුම

ලිතියම් අයන් බැටරි ලෝකය වෙනස් කළාට, ඒකේ ලොකු අවුල් ටිකක් තියෙනවා. මේවා රත් වුණාම පිපිරෙන්න පුළුවන්. මතකනේ සැම්සුන්ග් ෆෝන් වලට වුණු දේ? මේ බැටරි ඇතුලේ තියෙන දියරමය කොටස (Electrolyte) තමයි මේ ගින්නට හේතුව. මේකට විසඳුම තමයි දැන් ලෝකෙම කතා කරන Solid-State Battery තාක්ෂණය.

මේකෙදි දියර වෙනුවට ඝන ද්‍රව්‍යයක් පාවිච්චි කරන නිසා බැටරිය පිපිරෙන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ වගේම ෂොට් එකෙන් ෆෝන් එක චාජ් කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම Toyota වගේ සමාගම් මේ ගැන ලොකු රිසර්ච් කරනවා.


GAC සහ 1000km දුවන බැටරි විප්ලවය

අපේ යාළුවෙක් කමෙන්ට් එකක කියලා තිබුණා වගේම, මේ ගැන කතා කරද්දි චීනයේ GAC Group එක අමතක කරන්නම බෑ. ඔවුන් දැනටමත් Solid-state බැටරි නිෂ්පාදනය පටන් අරන් ඉවරයි. හිතාගන්න පුළුවන්ද එක පාරක් චාජ් කළාම කිලෝමීටර් 1000ක් දුවන කාර් එකක්? ලංකාව වගේ රටකට Charging Station හොය හොය දඟලන්න ඕන නෑ, එක පාරක් චාජ් කළාම සතියක් දුවන්න පුළුවන්.

  • ගිනි ගන්නේ නෑ.
  • බර අඩුයි.
  • Range එක ඩබල් වෙනවා.

BYD Blade Battery: ටෙස්ලා පවා දණ ගැස්සූ තාක්ෂණය

ගොඩක් අයට මිස් වුණු, ඒත් ලෝකයේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාව තමයි මේ BYD Blade Battery එක. BYD සමාගම කරපු වැඩේ තමයි පරණ LFP (Lithium Iron Phosphate) තාක්ෂණය අරගෙන ඒක සුපිරි මට්ටමකට දියුණු කරපු එක.

මේක කොච්චර ආරක්ෂිතද කියනවා නම්, බැටරියට ඩ්‍රිල් එකකින් විදින වීඩියෝ පවා YouTube එකේ තියෙනවා. සාමාන්‍ය බැටරියක් නම් පුපුරනවා, ඒත් Blade බැටරියට ගාණක්වත් නෑ. මේ නිසාම තමයි අද වෙද්දි Tesla Model Y යුරෝපීය මාදිලි වලටත් මේ BYD බැටරි පාවිච්චි කරන්න පටන් අරන් තියෙන්නේ.


ලුණු වලින් දුවන ලෝකයක්? (Sodium-ion Batteries)

ලිතියම් හොයන්න පතල් හාරලා පරිසරය විනාශ කරනවට විසඳුමක් විදියට දැන් CATL වගේ සමාගම් "ලුණු" නැත්නම් සෝඩියම් පාවිච්චි කරන්න පටන් අරන්. මේවා හරිම ලාබයි. ෆෝන් වලට ටිකක් බර වැඩි වුණාට, ගෙදරට හරියන Power Wall එකක් ගහගන්න හෝ සූර්ය බලාගාර වලට මේක මරු විසඳුමක්.


ග්‍රැෆීන් (Graphene) සහ අනාගත බලාපොරොත්තු

මේ ඔක්කොම අස්සේ Graphene තාක්ෂණයත් කරළියට එනවා. මේක හරියටම දියුණු වුණොත් තත්පර ගණනකින් වාහනයක් චාජ් කරගන්න පුළුවන් වෙයි. මේ ගැන විවිධ ලැබ් වල (Donut Lab වගේ එක්ස්පරිමන්ට් කරන තැන් වල) පිස්සු හැදෙන ටෙස්ට් යනවා.

අන්තිමට කියන්න තියෙන්නේ, තව අවුරුදු කීපයකින් "අයියෝ චාජ් ඉවරයි" කියන එක අතීතයේ මතකයක් විතරක් වේවි. ඔයාට මොකද හිතෙන්නේ?

තවත් විස්තර ඕන නම් මේ ලින්ක්ස් බලන්න:

..

Post a Comment (0)
Previous Post Next Post